ශ්රී ලංකා ක්රිකට් කන්ඩායමට 5%ක දඩයක්
පාකිස්තානයේ පැවති තුන්කොන් සටනේ ලාහෝර්හිදී ඉකුත් 29වැනිදා එංගලන්තයට එරෙහිව පැවති තරගයේදී නියමිත කාල සීමාව තුළ පන්දුවාර සංඛ්යාව නොයැවීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 5%ක දඩ මුදලක් නියම කර තිබේ.
මෙම තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම නියමිත කාලය අවසන්වද්දී එක් පන්දුවාරයක් පිටුපසින් සිට ඇති අතර, ඒ හේතුවෙන් තරග තීරක ජෙෆ් ක්රෝ විසින් මෙම දඩ මුදල පැනවීම සිදුකර ඇත.
අයි.සී.සී. චර්යාධර්ම සංග්රහයේ 2.22 වගන්තියට අනුකූලව මන්දගාමී පන්දු යැවීම යටතේ නියමිත කාලය තුළ ක්රියාත්මක කිරීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් වෙනුවෙන්ම ක්රීඩකයන්ට තම තරග ගාස්තුවෙන් 5%ක දඩයක් පැනවේ.
ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් වරද පිළිගෙන ඇති අතර, ඒ හේතුවෙන් ඒ සඳහා විධිමත් විභාගයක් නොපවත්වන බව අයි.සී.සී.ය නිවේදනය කර ඇත.
තරග විනිසුරුවන් ලෙස කටයුතු කළ අහ්සාන් රසා සහ ෂර්ෆුද්දෝලා ඉබ්නේ ෂාහිද්, තෙවැනි විනිසුරු වේන් නයිට්ස් සහ සිවුවැනි විනිසුරු නසීර් හුසේන් විසින් මන්දගාමි පන්දු යැවීමට අදාළ පැමිණිල්ල යොමුකර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

