Latestදේශීය

දිස්ත්‍රික් 08කට නායායාමේ අනතුරු ඇඟවීම්

පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටකට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවරගෙන තිබේ.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දන්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට එම ආයතනය දැනුම්දෙයි.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා ඇත.

තවද නුවරඑළිය  දිස්ත්‍රික්කයේ මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ ⁠හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ ⁠පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මහනුවර දිස්ත්‍රික්කයේ ⁠තුම්පනේ සහ මිණිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි.

අදාළ අදියර යටතේ  කෑගල්ල  දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල‍, කෑගල්ල සහ ⁠වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් රත්නපුර  දිස්ත්‍රික්කයේ ⁠ගොඩකවෙල, ⁠කොලොන්න, ⁠වැලිගෙපොල සහ ⁠බලන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අනතුරු ඇඟවීම් සිදු කරන බව එම ආයතනය සඳහන් කළේය.

මෙම අනතුරු ඇඟවීම හෙට (08) පස්වරු 8.00 දක්වා බලාත්මක වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පැවසීය. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *