Latestදේශීය

පිල්ලෙයාන් නොවැ. 23 දක්වා බන්ධනාගාරයට

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ නොවැම්බර් 23 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ, නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදී T-56 ගිනි අවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළවය.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ එල්ටීටීඊ සංවිධානයේ ළමා සොල්දාදුවන් භාරව කටයුතු කළ අයෙකු වන අතර පසුව ඔහු මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය. ඒ අනුව පසුව ඔහුට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ඇමති ධුරයක්ද හිමිවිය.

ජෝෂප් පරරාජ සිංහම් ඝාතනයටද ඔහුට චෝදනා එල්ල වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *