Latestවිදේශීය

යුද්ධය අවසන් කරන්න නම් ඉරාන කොන්දේසි වලට අමෙරිකාව යටත් විය යුතුයි

යුද්ධය අවසන් කිරීමට නම් ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි 7ට අමෙරිකාව යටත් විය යුතු බව ඉරානයේ ආරක්ෂක ප්‍රධානී මොහ්සේන් රිසායි ප්‍රකාශ කර තිබේ.

යුද්ධය නිමා කිරීම සඳහා දැනටමත් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙන බවට අමෙරිකාව ව්‍යාජ පුවත් පතුරුවාලන බවට ද ඔහු චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන යුද්ධය හේතුවෙන් අමෙරිකානු රජයට දැනටමත් දැඩි හානියක් සිදුවී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ‘ඔබේ පරාජය පිළිගන්න, සාකච්ඡා ගැන අසත්‍ය පුවත් මවාපෑම් නවත්වන්න…යැයි සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉරාන ආරක්ෂක ප්‍රධානී මොහ්සේන් රිසායි අමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට මෙහ්ර් පුවත් ඒජන්සිය සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *