Latestදේශීය

අනෝජන් නිදහස්

(මහින්ද අලු­ත්ගෙ­දර)

මරණ දඬු­වම නිය­මව සිටි ශ්‍රී ලාංකික තරු­ණ­යකු වන අනෝ­ජන් සිව­රාසා මහතා, සවුදි අරා­බි­යානු ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­ව­කින් පසුව නිදොස් කොට නිද­හස් කිරී­මට එරට ප්‍රාථ­මික අධි­ක­ර­ණ­යක් තීර­ණය කර තිබේ.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ඍජු මැදි­හ­ත්වීම සහ ශ්‍රී ලංකා රජය ක්‍රියා­ත්මක කළ සාර්ථක රාජ්‍යතාන්ත්‍රික මෙහෙ­යුම හේතු­වෙන් එම තරු­ණයා නිද­හස් කර ගැනී­මට හැකි වූ බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

මුහ­ම්මද් නබි­තු­මාට අප­හාස කිරී­මක් ලෙස සැල­කෙන ෆේස්බුක් සට­හ­නක් හේතු­වෙන් සවුදි අරාබි අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් මෙම ශ්‍රී ලාංකික තරු­ණ­යාට මරණ දඬු­වම නියම කරන ලද අතර ඔහු නිද­හස් කර­ගැ­නීම වෙනු­වෙන් ශ්‍රී ලංකා විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සහ සවුදි අරා­බි­යානු විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය මෙන්ම ශ්‍රී ලංකාවේ සවුදි අරා­බි­යානු තානා­පති කාර්යා­ලය සහ සවුදි අරා­බි­යාවේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය සෘජු­වම දායක වූ බවද ඒ මහතා පෙන්වා­දෙයි.

නිවැ­රදි රාජ්‍යතාන්ත්‍රික මැදි­හ­ත්වීම හේතු­වෙන් අනෝ­ජන් සිව­රාසා නමැති ශ්‍රී ලාංකික තරු­ණයා නිද­හ­ස්කර ගැනී­මට හැකිව තිබෙන බව පෙන්වා­දුන් ඇමැ­ති­ව­රයා, ඉදිරි දින කිහි­පය ඇතු­ළත ශ්‍රී ලංකා­වට ගෙන්වා ගන්නා බවද ඒ වෙනු­වෙන් ශ්‍රී ලංකා රජය සියලු ක්‍රියා­මාර්ග ගන්නා බවද සඳ­හන් කරයි.

ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­ර­යාට, සෞදි අරා­බි­යානු රජු සහ එරට රජ­යට, ශ්‍රී ලංකාවේ සෞදි අරා­බි­යානු තානා­ප­ති­ව­රයා ඇතුළු කාර්ය මණ්ඩ­ල­යට මෙන්ම අනෝ­ජන් සිව­රාසා තරු­ණයා නිද­හස් කර ගැනීම වෙනු­වෙන් සහය ලබා­දුන් විදේශ කට­යුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේම­චන්ද්‍ර, පාර්ලි­මේන්තු මන්ත්‍රී ෆයි­සර් මුස්තාෆා, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සහ ජනා­ධි­පති නීතිඥ අසාද් නවාවි, ජනා­ධි­පති නීතිඥ උපුල් කුමා­ර­ප්පෙ­රුම සහ නීතිඥ හෆීල් ෆාරිස් මහ­ත්ව­රුන් ඇතුළු සැමට තම ප්‍රණා­මය පිරි­න­මන බවද ඒ මහතා සඳ­හන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය, සෞදි අරා­බි­යාවේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය සහ ශ්‍රී ලංකාවේ සෞදි අරා­බි­යානු තානා­පති කාර්යා­ලය ඒකා­බ­ද්ධව මේ සඳහා ක්‍රියා­මාර්ග ගත් අතර පාර්ශ්ව රැසක ඒකා­බද්ධ ක්‍රියා­මා­ර්ග­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස මෙම තරු­ණයා නිද­හ­ස්කර ගැනී­මට හැකිව තිබෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

Òඅනෝ­ජන් සිව­රාසා මහ­තාගේ පවුලේ සාමා­ජි­ක­යන් ජනා­ධි­ප­ති­ව­රයා හමුවී මේ සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කළා. ඒ වගේම සෞදි අරා­බියේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා සහ තානා­පති කාර්යාල නිල­ධා­රීන් එරට බල­ධා­රීන් සමඟ සාකච්ඡා කළා. ඊට අම­ත­රව ශ්‍රී ලංකා නීතීඥ කණ්ඩා­ය­මක් සෞදි අරා­බි­යානු නීතීඥ කණ්ඩා­යම සමඟ එක්ව මේ සම්බ­න්ධ­යෙන් කට­යුතු කළා.

මෙම නඩු­වට අදා­ළව නීති­මය විය­දම් රජය මඟින් දැරී­මට තීර­ණය කළා. ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන් මීට පෙර දැරූ විය­දම් ප්‍රති­පූ­ර්ණය කිරී­මට ද රජය තීර­ණය කර තිබෙ­නවා. එරට අධි­ක­රණ ක්‍රියා­දා­ම­යට අපගේ ගෞර­වය පිරි­න­ම­නවා. අපේ තානා­ප­ති­ව­ර­යාට සහ තානා­පති කාර්යාල නිල­ධා­රී­න්ටත් විදේශ ලේකම් අරුණි රණ­රාජා මහ­ත්මිය ප්‍රමුඛ සියලු නිල­ධා­රී­න්ටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශ­යට, නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­ව­ටත් අපේ ගෞර­වය පිරි­න­ම­නවාÓ යැයි විජිත හේරත් මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

මුහ­ම්මද් නබි­තු­මාට අප­හාස කිරී­මක් ලෙස සැල­කෙන ෆේස්බුක් සට­හ­නක් හේතු­වෙන් සෞදි අරාබි අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් අනෝ­ජන් සිව­රාසා නමැති ශ්‍රී ලංකික තරු­ණ­යාට මරණ දඬු­වම නියම කරන ලද අතර අභි­යා­ච­නා­ධි­ක­රණ තීන්දු­වට පෙර වසර පහක සිර දඬු­ව­මක් සහ සෞදි රියාල් මිලි­යන 3ක දඩ මුද­ලක් පනවා තිබුණි. කෙසේ නමුත්, රජයේ නීති­ප­ති­ව­රයා (public prosecutor) විසින් ගොනු කරන ලද අභි­යා­ච­න­යක් මත එම තීන්දුව අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් වෙනස් කර තිබෙන අතර අදාළ චෝද­නාව ඉස්ලා­මීය නීතිය යටතේ දෙවි­යන් වහ­න්සේට එරෙ­හිව කරන ලදැයි සැල­කෙන ‘හද්‘ (Hadd) වර්ගයේ වර­දක් ලෙස අධි­ක­ර­ණය විසින් වර්ගී­ක­ර­ණය කෙරිණි.

කල්මුණේ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වූ අනෝ­ජන් සෞදි අරා­බියේ රැකි­යා­වක් බලා පිටත්ව ගොස් ඇත්තේ, 2025 සැප්තැ­ම්බර් 4 වැනිදා වන අතර පසු­ගිය ජූලි 27 වැනිදා මුහු­ණු­පොත ඔස්සේ ඔහු පළ සට­හ­න­කින් ආග­මික අප­හා­ස­යක් සිදුව ඇති බවට චෝදනා එල්ල­විය.

ඒ අනුව ඔහු සෞදි අරා­බියේදී එරට පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබූ අතර පසුව අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කර තිබුණි. අනෝ­ජන් පළ­මුව අල්-අහ්සා අප­රාධ අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කර තිබූ අතර එහිදී ඔහුට වසර පහක සිර දඬු­ව­මක් සහ සෞදි රියාල් මිලි­යන තුනක දඩ­යක් නියම කර තිබිණි. මුල් තීන්දු­වට එරෙ­හිව අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව එම දඬු­වම මරණ දඬු­ව­මක් බවට සංශෝ­ධ­නය කළ බව වාර්තා විය. ඒ අනුව ඔහු සෞදි අරා­බියේ දම්මාම් මධ්‍යම බන්ධ­නා­ගා­රයේ රඳවා තැබී­මට එරට බන්ධ­නා­ගාර නිල­ධා­රීහු පිය­වර ගත්හ. මෙවැනි පසු­බි­මක සෞදි අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මඟින් අනෝ­ජන් සිව­රාසා වෙත පන­වන ලද මරණ දඬු­ව­මට එරෙ­හිව සෞදි අරා­බියේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ අභි­යා­ච­න­යක් ගොනු කෙරිණි.

කෙසේ වුවද මෙම තීන්දු­වෙන් අන­තු­රුව, සෞදි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය වෙත අභි­යා­ච­න­යක් සකස් කිරී­මට සහය වීම සඳහා ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩා­ය­මක් සෞදි අරා­බිය වෙත ගමන් කළ අතර මෙම කණ්ඩා­යම සිව­රා­සාගේ නඩුව මෙහෙ­ය­වන නීති­ඥ­ව­රුන් සමඟ සාකච්ඡා වට කිහි­ප­යක් පැවැ­ත්වීය. නීති­මය කරුණු ඉදි­රි­පත් කිරීම් (legal submissions) අව­සන් කොට සෞදි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය එරට ඉහ­ළම අධි­ක­රණ ආය­ත­නය වන බැවින් පහළ අධි­ක­ර­ණ­වල තීන්දු ප්‍රධාන වශ­යෙන් නීති­මය සහ ක්‍රියා පටි­පා­ටි­මය පද­නම් මත සමා­ලෝ­ච­නය කිරීම සඳහා අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කෙරිණි.

සෞදි අරා­බිය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකික නීතීඥ කණ්ඩා­යම සහ සෞදි අරා­බි­යානු නීතිඥ කණ්ඩා­යම් දෙකක් අතර පැවැති දීර්ඝ සාකච්ඡා වට කිහි­ප­ය­කින් අන­තු­රුව මෙම අභි­යා­ච­නය ඉදි­රි­පත් කෙරිණි. මෙම ශ්‍රී ලාංකික නීති කණ්ඩා­ය­මට අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සහ ජනා­ධි­පති නීතිඥ අසාද් නවාවි, ජනා­ධි­පති නීතිඥ ෆයි­සර් මුස්තාපා, ජනා­ධි­පති නීතිඥ උපුල් කුමා­ර­ප්පෙ­රුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහ­ත්වරු ඇතු­ළත් වූහ.

සෞදි අරා­බියේ ශ්‍රී ලංකා තානා­පති අමීර් අජ්වාඩ්, ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජන­රාල් විනි­සුරු මොහො­මඩ් ලෆාර් සහ සිල්මි රියා­ස්දීන් යන මහ­ත්වරු ද මෙම ක්‍රියා­ව­ලි­යට සහ­භාගි වූහ. සිව­රා­සාගේ නඩු­වට අදාළ කට­යුතු කෙරෙ­මින් පැවැති අත­ර­තුර තානා­පති අමීර් අජ්වාඩ් මහතා බන්ධ­නා­ගා­ර­යට ගොස් අනෝ­ජන් සිව­රා­සාගේ සුව­දුක් විම­සීය. කෙසේ වුවද ශ්‍රී ලංකා රජයේ සහ පාර්ශ්ව රැසක ඉල්ලීම සලකා බැලූ සෞදි අරා­බි­යානු ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය අනෝ­ජන් සිව­රා­සාට පනවා තිබූ මරණ දඬු­වම අත්හි­ටු­වී­මට පිය­වර ගත් අතර පසුව එම තරු­ණයා නිදොස් කොට නිද­හස් කිරී­මට එරට මහා­ධි­ක­ර­ණය තීර­ණය කර තිබේ.
@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *