ගාසා තීරය ජලයෙන් යටවෙයි
ගාසා තීරයට බලපෑ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අවතැන්වූවන් රැඳී සිටි කූඩාරම් දසදහස් ගණනින් ජලයෙන් යටවී ඇති අතර, ඔවුන්ට අවශ්‍ය මානුෂීය ආධාර ලබා දීමට අවසර දෙන මෙන් ගාසා සාම මණ්ඩලය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබේ.
ගාසා සාම සැලැස්ම අධීක්ෂණය කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ ගාසා සාම මණ්ඩලය ගංවතුරෙන් පීඩාවට පත් පලස්තීනුවන්ට කූඩාරම් 1,50,000ක් සූදානම් කර ඇති අතර, ආධාර සැපයුම් මාර්ගවලට තවදුරටත් ඊශ්‍රායලයෙන් සීමා පැනවීමෙන් පහසුකම් සැපයීමේ දුෂ්කරතා මතුවී ඇතැයි වාර්තා වේ. සාම මණ්ඩලයේ ඉල්ලීම සලකා බලමින් සිටින බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළද, අවතැන්වූවන් වෙනුවෙන් දක්වන ප්‍රතිචාර ප්‍රමාණවත් නැතැයි වාර්තා වේ.
මේ අතර, මධ්‍යම ගාසා තීරයේ අවතැන් වූ පවුල් රැඳී සිටි කඳවුරක කූඩාරම් මතට වැලි බැම්මක් කඩා වැටීමෙන් දරුවන් තිදෙනකු සහ කාන්තාවක ඇතුළු සිව්දෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගාසා ජනගහනයෙන් සියයට 65ක් පමණ වන මිලියන 1.4ක ජනතාව මේ වන විට කූඩාරම් සහ තාවකාලික නිවාසවල ජීවත් වන අතර, ඔවුන්ට අවශ්‍ය ආරක්ෂිත නවාතැන්, පිරිසුදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

