චීනය කියුබාව සමගයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී සහ කියුබානු විදේශ අමාත්‍ය Bruno Rodriguez අතර සාකච්ඡාවක් බෙයිජිං හිදී ඊයේ(11) පැවැත්විණ.
කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු වන Bruno Rodriguez නිල සංචාරයක් සඳහා චීනයට පැමිණියේ, කියුබානු පක්ෂයේ හා රජයේ විශේෂ නියෝජිතයෙකු ලෙසය.
ලෝක තත්ත්වය කෙසේ වෙනස් වුව ද, කියුබාවේ ජාතික ස්වෛරීභාවය, නීත්‍යනුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කර සම්බාධක හා බාහිර මැදිහත්වීම්වලට එරෙහි වීමට චීනය කියුබාවට දැඩි ලෙස සහාය ලබා දෙන බව වං යී මහතා එහිදී පැවසීය. දෙරටේ නායකයින් එළඹුණු වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටී. දෙරටේ මිත්‍ර සබඳතාව අඛණ්ඩව ශක්තිමත් කර, පොදු ඉරණමක් සහිත චීන-කියුබානු ප්‍රජාවක් ගොඩනැඟීමට චීනය කියුබාව සමග එක්ව කටයුතු කිරීමට සූදානමින් සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
කියුබාවේ සංවර්ධනයට, විශේෂයෙන්ම සම්බාධක හා බාහිර මැදිහත්වීම්වලට විරෝධය පෑම සඳහා චීනය කියුබාවට ලබා දුන් වටිනා සහාය පිළිබඳව Bruno Rodriguez එහිදී ස්තූතිය පළ කර ඇත.
එකම චීනය මුලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන කියුබාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන සියළු බලවේගයන්ට විරෝධය පළ කරයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය හා ගෝලීය මුලපිරුම් හතරට කියුබාව අනුබල දෙන අතර චීනය සමග එක්ව බහුපාර්ශ්වික අඛණ්ඩ සම්බන්ධීකරණය තහවුරු කරමින්, ඉහළ මට්ටමේ සහයෝගීතා ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු කරන බව ද Bruno Rodriguez පවසා ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

