දේශීය

කොරෝනා අවදානම අවම කිරීමේ වගකීම සමස්ත ජනතාවට පැවරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

රටේ ජන ජීවිතය, ආර්ථීක ජීවිතය නගා සිටුවීම සඳහා වෙනත් රටවල්වලට වැඩි ඉක්මනින් රට විවෘත කරනු ලැබුවත් අවදානම පහව ගොස් නොමැති බව අද (27) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා භූමිය තුළ සිටින ජනතාව තුළින් COVID-19 රෝගීන් හමු නොවුනත් එය ජය පැන් බීමට කරුණක් නොවන බවද එහිදි අවධාරණය කෙරුණි.

මාධ්‍ය හමුවේදි තව දුරටත් අදහස් දැක්වු වෛද්‍ය අනිල් ජාසිංහ මහතා……..

“ඔබ දන්නවා දැන් ජර්මනියට වෙලා තියන දේ. නවසීලන්තයට වෙලා තියන දේ. සිංගප්පූරුවට වුණ දේ, නැවත මේ රටවල් ඔක්කොගෙම මේ රෝගීන් ඇතිවීමේ තත්ත්වයක් ඇති වෙලා තියනවා. COVID-19 වසංගත කාලය අතරමැදින්ම ඒ වගේම අවසානයත් එක්ක අපි මාර්ගෝපදේශ 46ක් රටට හඳුන්වා දුන්නා. මේ මාර්ගෝපදේශවලින් ප්‍රධාන කාරණා 3ක් ඉලක්ක කරා. සමාජ දුරස්ථභාවය, ස්වසන ආචාරශීලීභාවය සහ අපේ අත්වල පිරිසිදුකම කියන 3. දැන් අපිට පෙනී යනවා මෑත දිනවල ඇතැම් විට ජනතාව සමහරවිට ආයතන සමහර බලය ඇති උදවිය වෙන්න පුලුවන් යම්කිසි ආකාරයට මේ කාරණා ගැන එතරම් උනන්දුවක් දක්වා කටයුතු කිරීම. මෙහිදී කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් රටේ වෛරසය නැත්තන් මොකටද මේ දේවල් පවත්වා ගන්නේ කියන එක. අපිට වඩා විශාල දියුණුයි කියන රටවල්වල නැවන නැවත මේ වෛරස් තත්ත්වය ඇති වන්නේ ඇත්ත වශයෙන්ම මේ ජන සමාජ විසින් පවත්වාගත යුතු චර්යාත්ම කාරණා හරියට පවත්වා නොගැනිම නිසයි. දැන් අපි දකිනවා අත් දෝවනය සඳහා ආයතනවල පහසුකම් සපයලා තිබ්බා. නමුත් දැන් මේ වනවිට සමහර තැන්වල අර සබන් දියරය දකින්නට නැහැ. ගුවන්තොටුපොළ විවෘත කරන විට නැවත රටට ඇතුල් වීමේ අවධානම තුළ අපිට තියන ප්‍රධානම අවිය තමයි තැවතත් මේ වෛරසය සමාජ සම්ප්‍රේෂණය දක්වා වළක්වා ගැනීම සඳහා මේ කියන චර්යාත්මක වෙනස දිගටම පවත්වා ගැනීම .”

“මේ රටේ ජන ජීවිතය ආර්ථීක ජීවිතය නගා සිටුවීම සඳහා ඇතැම් විට වෙනත් රටවල්වලට වැඩිය ඉතා ඉක්මණින් රට විවෘත කරලා තියෙනවා. එහෙම නැත්තන් ජනතාවය වෙනත් ගැටලුවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් අපි විවෘත කරන්නේ මේ පිළිබඳව අවදානම් පිළිබඳවත් යම් අවබෝධයක් ඇතුව ඒ නිසා ඒ අවදානම අවම කිරීමේ වගකීම සමස්ත ජනතාවට හිමිවෙනවා.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?