විදේශීය

covid 19 ව්‍යාප්තිය වේගවත් වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චෝදනාවක්

ලෝක නායකයන්ගේ දුර්වල මග පෙන්වීම සහ රාජ්‍ය නායකයින් ජනතාව හමුවේ සිදුකල අවිධිමත් සහ අනවබෝධය පතුරන ප්‍රකාශ හේතුවෙන් covid ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරයි. ඒ ගෝලීය covid ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි තිස් දෙලක්ෂය ඉක්මවා ගොස්, මරණ පන්ලක්ෂ හැත්තෑ හය දහස් හාරසියයක් වාර්ථා වන පසුබිමකය. මේ සදහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේදී ගෝලීය covid වසංගත තත්ත්වය තව තවත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබේ. මේ අතර එක්සත් ජාතීීීීීීීින්ගේ සංවිධානය ‌‌ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය පිළිබඳ සිය නවතම වාර්ථාව එළි දක්වමින් සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය යටතේ 2030 වසරේදී ගෝලීය දරිද්‍රතාවය තුරන් කිරීමේ ඉලක්කය සපුරාගැනීම තවදුරටත් සිහිනයක් වනු ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?