දේශීය

කිඹුලෙකු ඇදගෙන ගිය කුඩා දැරිය

ඊයේ (15) සවස 4.30ට පමණ මීගලෑව පොලිස් වසමේ යාය 3 ඇළේ, කාන්තාවක් තම කුඩා දියණිය සමග දිය නාමින් සිටිය දී දැරියව කිඹුලෙකු විසින් ඇදගෙන ගොස් තිබේ.

ප්‍රදේශවාසීන් හා මීගලෑව වනජීවි කාර්යාලයේ නිලධාරීන් එක්ව දැරිය කිඹුලාගේ ග්‍රහනයෙන් බේරා ගෙන පසුව තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී දැරිය මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 1/2ක් වු ලීකොළ වැව, උස්ගල සියඹලාංගමුව ප්‍රදේශයේ පදිංචි දැරියකි.

මියගිය දැරියගේ මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇත. මීගලෑව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *