Latestදේශීය

පෞද්ගලික අංශයේ සේවකයන්ට සැප්තැම්බර් මාසය දක්වා වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500 ක මුදලක් – කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.

පසුගිය මැයි සහ ජුනි මාස දෙක සඳහා වැඩ නොමැතිව නිවෙස් තුළ රැදවීමේ අවශ්‍යතාවයක් පැවති ආයතනවල සේවකයින්ට අවසානයට ගෙවන ලද වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500 ක් යන දෙකෙන් වඩා වාසිදායක මුදල ගෙවිම පිළිබඳවු එකඟතාව සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති සහ නිපුණතා සංවර්ධන රැකි රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශ නිලධාරින් අතර පැවති සාකච්ඡාවකදී වු එකඟතාවය මෙලෙස සැප්තැම්බර් මාසය දක්වා දිර්ඝ කිරීම සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිවේදනය කරන ලදී.

එම තීරණය ඇතුළු කැබිනට් මණ්ඩල තීරණයන් පහතින්…

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?