Latestවිදේශීය

පේටන්ට් බලපත්‍රවලත් චීනය ඉදිරියෙන්

2025 වසරේ ගෝලීය පේටන්ට් බලපත්‍ර අයදුම්පත් සංඛ්‍යාව මිලියන 3.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 6ක වර්ධනයක් වන අතර, දශකයකට ආසන්න කාලයක් තුළ වාර්තා වූ වේගවත්ම වර්ධනය මෙයයි. පේටන්ට් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී චීනය ලොව ප්‍රමුඛස්ථානයට පත්ව ඇත. ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ඊයේ (18) මේ බව ප්‍රකාශ කළේය.

එම ආයතනය නිකුත් කළ 2026 ලෝක බුද්ධිමය දේපළ දර්ශක (WIPI 2026) අනුව, 2025 වසරේදී චීන නවෝත්පාදකයන් පේටන්ට් බලපත්‍ර අයදුම්පත් මිලියන 1.9ක් ඉදිරිපත් කර තිබේ. එම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඇමරිකාවට හිමිව ඇති අතර, එරටින් ඉදිරිපත් කර ඇති අයදුම්පත් සංඛ්‍යාව 489,766කි. ජපානයෙන් අයදුම්පත් 466,301ක්, දකුණු කොරියාවෙන් අයදුම්පත් 319,210ක් සහ ජර්මනියෙන් අයදුම්පත් 132,714ක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

වාර්ෂික වාර්තාවට අනුව සමස්ත පේටන්ට් අයදුම්පත්වලින් ආසියාවට හිමි ප්‍රතිශතය පසුගිය දශකය තුළ 9.3%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව 2015 වසරේ 61.9%ක් වූ එම ප්‍රතිශතය 2025 වසර වන විට 71.2%ක් දක්වා වර්ධනය වී ඇත. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් චීනයේ ශක්තිමත් වර්ධනය දායක වී ඇති අතර, 2025 වසරේදී ආසියාවේ සමස්ත පේටන්ට් අයදුම්පත්වලින් 68.5%ක් පමණ චීනයෙන් ඉදිරිපත් කෙරිණ.

මේ අතර, 2025 වසරේදී ගෝලීය වෙළෙඳ සන්නාම (Trademarks) අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාකාරීත්වය ද යළි ඉහළ ගොස් ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *