Latestදේශීය

2000කගෙන් බිලි­යන 4ක් වංචා කරලා – දෙදෙනෙක් රිමාන්ඩ්

වගා ව්‍යාපෘ­ති­වල ආයෝ­ජ­නය කිරී­මෙන් ඉහළ ප්‍රති­ලාභ සහ ලාභාංශ දෙන බව පව­ස­මින් පුද්ග­ල­යන් 2,000ක පමණ පිරි­ස­ක­ගෙන් රුපි­යල් බිලි­යන 4කට ආසන්න මුද­ලක් වංචා කළැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් පෞද්ග­ලික සමා­ගම් දෙකක අධ්‍ය­ක්ෂ­ව­රුන් දෙදෙ­නකු දෙසැ­ම්බර් මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝග කළේය.

මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ මූල්‍ය හා වාණිජ අප­රාධ විම­ර්ශන අංශය මඟින් සිදු­කළ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව සැක­කාර අධ්‍ය­ක්ෂ­ව­රුන් දෙදෙනා පසු­ගිය 20 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන 21 වැනිදා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි. මහ­නු­වර සහ කොහු­වල ප්‍රදේ­ශ­වල පෞද්ග­ලික ආය­තන දෙකක් පව­ත්වා­ගෙන යමින් වගා ව්‍යාපෘති සඳහා මුදල් ආයෝ­ජ­නය කිරී­මෙන් ඉහළ ලාභාංශ දෙන බවට පොරොන්දු වී දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල පුද්ග­ල­ය­න්ගෙන් මෙලෙස මුදල් ලබා­ගෙන වංචා කර ඇති බවට පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත.

මෙම මූල්‍ය වංචාව සම්බ­න්ධ­යෙන් මේ වන විට මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය වෙත පැමි­ණිලි 80ක් පමණ ලැබී ඇත.

පැමි­ණි­ලි­ක­රු­වන් 2,000කට ආසන්න පිරි­සක් ඉදි­රි­පත් වී ඇති බව ද පොලී­සිය සඳ­හන් කළේය.

සමා­ගම් දෙකෙහි අධ්‍ය­ක්ෂ­ව­රුන් තිදෙ­නකු සිටින අතර, ඉන් දෙදෙ­නකු මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සිද්ධි­යට සම්බන්ධ තවත් සැක­ක­රු­වකු අද භාර වීමට නිය­මි­තව ඇති බව සඳ­හන්ය.

වංචා කර ඇති මුදලේ නිශ්චිත වටි­නා­කම තහ­වුරු කර ගැනී­මට අදාළ පෞද්ග­ලික ආය­ත­න­වල ගණ­කා­ධි­කා­රි­ව­රුන් ඇතුළු පිරි­ස­ක­ගෙන් ඉදි­රි­යේදී තව­දු­ර­ටත් ප්‍රශ්න කිරී­මට නිය­මි­තය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රන්මල් කොඩි­තු­වක්කු මහ­තාගේ, අප­රාධ දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ සහ මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි කමල් ආරි­ය­වංශ මහ­තාගේ උප­දෙස් හා නියෝග මත සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කෙරේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *