දේශීය

තැපැල් ඡන්දය අවසන්.

ජුලි මස 13 දා සිට 17 දක්වා තැපැල් ඡන්දය ලකුණු කිරිමට දින වෙන්කරනු ලැබුවත් අදාල දිනයන් හි ඡන්දය ලකුණු කිරීමට නොහැකි වු ඡන්ද දායකයන්ට අමතර කාලයක් ලෙස ඊයේ(20) සහ අද(21) යන දිනයන් දෙක ද ලබා දීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබුණි. ඒ අනුව අද (21) දිනයෙන් තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අවසන් විය.

කෙසේ වෙතත් මෙවර තැපැල් ඡන්ද විමසීමේදි ඡන්දය භාවිතා කිරීමේ අඩුවක් දක්නට ලැබුණු බව අද(21) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය සදහන් කළේය. මෙලෙස තැපැල් ඡන්දය භාවිතයේ අඩුවක් සිදුවීමට සැබෑ ලෙසම බලපෑ හේතු සොයා බලන බවත් දත්ත එක්රැස් කිරීමෙන් පසු තවත් අතිරේක දිනයක් තැපැල් ඡන්දය සදහා ලබාදිය යුතු දැයි තීරණය කරන බවත් සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *