Latestදේශීය

ගෙවුනු දිනයේ ආසාදිතයින් 22 ක් : සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළට

ඊයේ (22) දිනයේ වාර්තා වූ නව රෝගීන් 22ත් සමග මෙරට සමස්ත COVID- 19 රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගොස් තිබේ.

එම රෝගීන් 22 අතරට සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු, කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ද ඇතුලත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මේ වනවිට COVID- 19 රෝගීන් 677 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2064ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?