ගුවන් තොටුපළ විවෘත කරන්නේ කවදාද ?

කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දැමුණු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම මීට පෙර තීරණය කර තිබූ පරිිදි  අගෝස්තු මස පළමු වැනිදා විවෟත නොකරන බවටත්  ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි. ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා තත්ත්වයද සලකා බලා මෙම තීරණය ගත් බවයිත්  කෙසේවෙතත් මේ වනවිටත් ගුවන් තොටුපොල විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් ඇති බවත්  ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැදී සිටින ශී‍්‍ර ලාංකිකයන් හෙට (31) සිට මෙරටට ගෙන්වීමට නියමිතයි. ඒ අනුව, පළමු කණ්ඩායම ලෙස මෙරටට රැගෙන එන්නේ ඩුබායි සහ අබුඩාබිහි සිටින 550 ක පිරිසක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *