දේශීය

අසුන් හිමි අහිමි කළුතර

2020 මහ මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රභල දේශපාලනඥයින් 4 දෙනෙකුට පාර්ලිමේන්තු අසුන් අහිමි වී ඇත. ඒ වෙනුවෙන් නවක දේශපාලනඥයින් 3 දෙනෙක් සහ දිගු දේශපාලන ඉතිහාසයක් ඇති මහින්ද සමරසිංහ මහතා පත්වී ඇත. මහින්ද සමරසිංහ මහතා 2015 මහ මැතිවරණයට තරග කළ අතර එම මැතිවරණයේදී ඔහුට මන්ත්‍රි අසුන අහිමි විය. 2020 මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ඔහු 8 වන ස්ථානය හිමිකර ගනිමින් මන්ත්‍රී ආසනය දිනා ගන්නා ලදි.

2015 මැතිවරණයේදී ආකර්ෂණීය මනාප ප්‍රමාණයක් හිමිකර ගැනීමට අසමත් වූ විදුර වික්‍රමනායක මහතා මෙවර කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින් පළමු තැනට පත්වීම විශේෂත්වයකි. දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා දෙවැනි කරමින් විදුර වික්‍රමනායක මහතා පළමු තැනට පත්වී ඇත. තවද දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන මන්ත්‍රීවරු අභිබවමින් ප්‍රථම වරට මැතිවරණය සදහා ඉදිරිපත් වූ සංජීව එදිරිමාන්න මහතා 3වන තැනට පත්වීමද විශේෂත්වයකිි.

පසුගිය රජයේ ප්‍රභල ඇමතිධූරයක් දැරූ අජිත් පී පෙරේරා මහතාට මෙවර පාර්ලිමේන්තු අසුන අහිමි විය. තවද පෙරලිකාර චරිතයක් නිරූපණය කළ පාලිත තෙවරප්පෙරුම මහතාට මෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කළ වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතාට ද පාර්ලිමේන්තු අසුන් අහිමි විය. එ ජා ප අ පේක්ෂක ලක්ෂ්මන් විජේමාන්න මහතා ද මෙවර මැතිවරණයේදී පරාජයට පත්විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?