විදේශීය

ඇමරිකාව බේරගන්නවා – ජෝ බයිඩ්න්

ඇමරිකාව තුළ පවතින Covid 19 වසංගත තත්වයේ දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින්නේ නම් එම තත්ත්වය පාලනය කිරීමට ඇමරිකාව වසා දමන බව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් පවසයි.

ඇමරිකාවේ ප්‍රවෘත්ති ආයතනයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එතුමා මෙසේ ප්‍රකාශ කර ඇති අතර Covid 19 වසංගත තත්වය පිළිබඳ වි‍ශේෂඥයින් ලබාදෙන නිර්දේශවලට අනුව කටයුතු කරන බවත් වෛරසය පාලනය කරන තුරු රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ අඩුපාඩු පෙන්වා දුන් ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ ට්‍රම්ප් රට වසා දැමීමට කටයුතු නොකළ හෙයින් ඇමෙරිකානුවන් 175,000කට පමණ දිවි අහිමි වූ බවය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?