ක්‍රීඩාදේශීය

තරංග පරණවිතාන ක්‍රිකට් පිටියට සමුදෙයි.

මුත්තයියා මුරලිදරන් දඟ පන්දු යැවීමෙන් ටෙස් කඩුලු 800ක් සම්පූර්ණ කල අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය මතකද? කොහොම අමතක කරන්නද. ඉන්දියාව කඩුලු 10 කින් පරාජය කල එම තරඟයේ තරංග පරණවිතාන ගේ දස්කම මතකද? පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකාවට ලකුණු 520 ක් ලබා ගැනීම සඳහා සාර්ථක ආරම්භයක් ලබාදුන් තරංග පරණවිතාන තම ටෙස් දිවියේ ලබාගත් ශතක දෙකෙන් එකක් ලබාගන්නෙ එම තරඟයේ දීය. තිලකරත්න ඩිල්ශාන් සහ කුමාර සංගක්කාර සමග අගනා සම්බන්ඳතාවන් ගොඩනගා දැවීයන විට ශ්‍රි ලංකාව ලකුණු 259 ට කඩුලු තුනක් ලබාගෙන සිටියා. සංයමයෙන් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව ඔප්නංවාගෙන සිටි පරණවිතානට කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් නොලැබ යන්නෙ එකල තේරීම් කමිටුව ප්‍රවේගකාරී පිතිකරණයට ප්‍රමුඛත්වය ලබා දීම හේතුවෙනි.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් බිහිවූ මෙම අනගි වමතින් පිත්ත හසුරවන ක්‍රීඩකයාගේ අපූරු පිතිකරණය තව දුරටත් දැකගත නොහැකි වන්නේ ඔහු පළමුපෙළ ක්‍රිකට් වලින් සමුගැනීමට තීරණය කර තිබෙන නිසයි. පළමුපෙළ ලකුණු 15000 සීමාව පසුකිරීමේ සිහිනය සමඟ මෙම වාරයේ ක්‍රීඩා කිරීමට පැමිණුනත් පිතිකරණයේ අසාර්ථක වීමනිසා ලකුණු 14940 ක් ලබා පිටියට සමුදීමට ඔහුට සිදුවුණා.

සිංහල ක්‍රීඩාසමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කල ඔහු 2009  ලාහෝරයේ දී ශ්‍රි ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී තුවාල ලැබූ ක්‍රීඩකයින්ගෙන් කෙනෙක්. හිටපු නායක කුමාර සංගක්කාර වරෙක පැවසුවේ පරණවිතාන යනු කණ්ඩායම් හැඟිමෙන් ක්‍රීඩාකරන විශිෂ්ඨ ක්‍රීඩකයකු බවයි.

කෙසේ වෙතත් කලක පටන් විවිධ ක්ෂේත්‍රයන් හී කතා බහට ලක්වූයේ තරංග පරණවිතාන දේශපාලනයට පිවිසීමට නියමිත බවයි. විවිධ අවස්ථාවන් හී දී එම අදහස තහවුරු වන ආකාරයෙන් පිළිතුරු සපයන ලද තරංග විටෙක සඳහන් කළේ දේශපාලනයට එනවාමයි කියා තමන් කිසි විටෙකත් නොපැවසූ බවයි. එළඹෙන පලාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැගල්ල දිස්ත්‍රික්කයට තරඟ කරන්නට තරංග අදහස් කර සිටින බවට අදහස් ඵල වන්නේ මේ අතරතුරයි.

ක්‍රිකට් ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් සහ සාමූහික ගුණය විදහාදැක්වූ තරංග පරණවිතාන නම් සුවිශේෂී ක්‍රීඩකයා මෙරට දේශපාලන පිටියේ රට වෙනුවෙන් තම වගකීම ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් දැක්වීමට තවමත් කල් වැඩිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?