විදේශීය

ටැරන්ට් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබයි

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙටන් ටැරන්ට් හට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවිය. ඒ නවසීලන්ත අධිකරණයේ පැවති නඩුවිභාගයකදීය.

2019 වසරේ මාර්තු මස 15 වන දින නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථාන 2ක බැතිමතුන් හට වෙඩි තබා 51 දෙනෙකු මරා දැමී මේ සිද්ධියට වරදකරු වූ ටැරන්ට් 29 හැවිරිදි පුද්ගලයෙකි.

ලොවම කම්පා කළ කුරිරු ඝාතනය සම්බන්ධයෙන් බ්‍රෙටන්ට ‍එරෙහිව පැවති නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය ලබා දී ඇත.

ක්‍රයිස්ට්චර්ච් නගරයේ දේවස්ථාන 2කට එල්ල කළ වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 51දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 40දෙනෙකු තුවාල ලැබුවේය.

මෙම අපරාධ නඩුව සම්බන්ධයෙන් තම තීන්දුව ලබා දෙමින් අධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ මාර්තු 15 ප්‍රහාරය ඉතා අමානුෂික ක්‍රියාවක් බවයි. තවද මෙවැනි සාහසික ක්‍රියාවකට දඩුවමක් ලෙස සිර මැදිරියක් තුළ මියයන තුරු රදවා සිටීමත් ප්‍රමාණවත් නොවන බව විනිසුරුවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

මාර්තු 15 එල්ල කළ වෙඩි තැබීමෙන් අනතුරුව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් ප්‍රකාශ කර සිටියේ “අපේ ගිනි අවි නීති වෙනස් වනු ඇති” යනුවෙනි. මෙම ප්‍රහාරය සිදුවන විට නවසීලන්තය තුළ ගිනි අවියක හිමිකරුවෙකු වීමට අවශ්‍ය අවම නීත්‍යනුකූල වයස අවුරුදු 16කි. තවද ඒ වන විට නවසීලන්තය තුළ පෞද්ගලික හිමිකාරිත්වය ඇති ගිනි අවි සංඛ්‍යාව මිලියන 1.5ක් විය.

‍මෙම අමානුෂික ප්‍රහාරය හමුවේ එරට අග්‍රාමාත්‍යවරිය ක්‍රියාකළ ආකාරය ජාත්‍යන්තරයේ පැසසුමට ලක්විය. ප්‍රහාරයෙන් අනතුරුව අදහස් දක්වමින් ඇය පැවසුවේ “ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සංක්‍රමණික වැසියන්ට සිදුව ඇති අතර නවසීලන්තය ඔවුන්ගේ නිවහන වන” බවයි. තවද නීති වෙනස් කරමින් සියලුවැසියන් ගේ ආරක්ෂාව තහවුරු කරන බව ඇය වැඩිදුරටත් පවසන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?