විදේශීය

කියුබාවේ Covid 19 දෙවන රැල්ලක්

කියුබාවේ හවානා නගරයෙන් Covid 19 වෛරසයේ දෙවන රැල්ලක අවධානමක් මතුව ඇත.

හවානා නගරය තුළ Covid 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් කිහිපදෙනෙකු හමුවීමත් සමඟ එම නගරයට රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය පැනවීමට පියවර ගෙන ඇති බවත් රාත්‍රී 7 සිට අළුයම 5 දක්වා ඇඳිරි නීතිය  ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හවානා ආණ්ඩුකාර රිනාල්ඩෝ ගාර්ෂියා නිවේදනය කර ඇත්තේ යළි දැනුම්දෙනතුරු හවානා වැසියන්ට රට අභ්‍යන්තරයේ වෙනත් පළාත්වලට යාමට අවසර නොමැති බවයි.

කියුබාවේ ජනගහණය මිලියන 11 ක් වන අතර Covid 19 වෛරසය ආසාදිතයින් 3,806 ක් හඳුනාගැනීමත් සමඟ මරණ 92ක් සිදු වී ඇත.

මේ අනුව ලෝකයේ මුළු Covid ආසාදිතයින් ගණන 24 635 566 වන අතර මරණ ගණන 835 679ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?