පාසල් දරුවන්ට කිරි වෙනුවට කැඳ

මෙරට පාසල් ළමුන්ට ලබා දෙන කිරි වීදුරුව වෙනුවට පාරම්පරික කැඳ වීදුරුවක් ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

මෙරට පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙසත් රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීමට විසඳුමක් ලෙසත් මෙම වැඩසටහන රජයේ වෛද්‍ය නිළධාරී සංගමය විසින් ඉදිරිපත් කර ඇත.

පාසල් ළමුන් අතර මන්දපෝෂණය, අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් ද අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග ව්‍යාප්තිය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් මෙම ගැටළුවට විසඳුමක් ලෙස වස විසෙන් තොර වූ පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රකාශ කරයි.

මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය එකඟතාවය පළ කර ඇති අතර මෙම වැඩසටහන අධ්‍යනය කිරීමට කමිටුවක් ද පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *