Uncategorizedදේශීය

මාර්ග තදබදයට විසඳුම්

කොළඹ ආශ්‍රිත මාර්ග තදබදයට විසඳුම් ලෙස කොම්පඤ්ඤ වීදියේ නව ගුවන් පාලම් 03ක් ඉදිකිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ වැඩි මාර්ග තදබදයක් පවතින්නේ කොම්පඤ්ඤ වීදිය අශ්‍රිතව බව විශේෂ අධ්‍යනයක් මඟින් හඳුනාගෙන ඇති අතර කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල දිනකට පැය 04ක පමණ මාර්ග තදබදයක් ඇති බවද අනාවරණය වී ඇත.

මාර්ග තදබදය අවම කිරීම සඳහා උත්තරානන්ද මාවත හරහා සහ ජස්ටිස් අක්බාර් මාවත හරහා මීටර 420ක දිගින් යුතු ගුවන් පාලම් 2ක් ඉදිකිරීමට යෝජනා වී ඇති අතර බාලදක්ෂ මාවත හරහා මීටර 350ක දිගින් යුතු ගුවන් පාලමක් ඉදිවෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 6ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන අතර මෙයින් රාජකාරි කටයුතු සදහා ගමන් කරන නිලධාරීන් හා සේවකයන්ගේ මිනිස් ශ්‍රමය අපතේ යාම සහ ඉන්ධන නිරපරාදේ දහනය වීමෙන් සිදුවන අලාභයන් මෙන්ම නාස්තියන් අවම කිරීමට හැකිබව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?