Latestදේශීය

ආනවිලුන්දාව – රැම්සා තෙත් භූමිය තවමත් උණුසුම්

පුත්තලම ආනවිලුන්දාව රැම්සා අභයභූමිය සම්බන්ධයෙන් වන කතා බහ තවමත් උණුසුම්ය. ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයට ලක්ව ඇති මෙම රැම්සා අභයභූමිය පසුගිය දිනක අනවසරයෙන් හෙලි පෙහෙලි කර තිබුනේ ඉස්සන් වගාවක් සදහාය.

දුර්ලභ පක්ෂි විශේෂ මෙන්ම මෙම ප්‍රදේශයට පමණක් ආවේනික මතස්‍ය විශේෂ විශාල සංඛ්‍යාවක් මෙහි වාසය කරන නිසාම දෙස් විදෙස් සංචාරකයින් බොහොමයක‍ගේ ආකර්ෂණය නිතැතින් මෙම ප්‍රදේශයට හිමිවේ.

නමුත් ප්‍රදේශයේ ප්‍රභල දේශපාලන හස්තයක් මත ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයකු මෙම අභයභූමිය විනාශකරන්නට කටයුතු කර තිබුනේ කිසිදු බියකින් හෝ චකිතයකින් තොරවයි.

මේ වන විට එම කටයුත්තෙහි නිරථ වූ බැකෝ යන්ත්‍ර රියදුරා සහ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.  

ලංකාදීප පුවත් පත වාර්ථාකර තිබුනේ එම විනාශය සිදුකරනු ලැබුවේ දේශපාලනඥයකුගේ සහෝදරයකු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විවිධ පරිසර සංවිධාන කියා සිටියේ මෙම විනාශය සිදුකළ පුද්ගලයින් කවුරුන් වුවත් ඔවුන්ව හෙලිදරව් කළ යුතු බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

මේ අතර විශයභාර අමාත්‍ය සී බී රත්නායක මහතා පැවසූවේ මෙම විනාශය පිළිබද සොයා බලන්නට කමිටුවක් පත් කර ඇති බවත් සති දෙකක් තුළ එම කමිටු වාර්ථාවේ  සියලු තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන බවත්ය.

එම ප්‍රදේශය නැවත තිබුනු තත්ත්වයටම පත් කරන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

කෙසේ වෙතත් ‍ජෛව විවිධත්වය අතින් අති සුවිශේෂී මෙම රැම්සා තෙත් බිම විනාශ කරන්නට පුත්තලම දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයා නොබියව කටයුතු කිරීමත්, මීට පෙර පුත්තලම දිස්ත්‍රික්කයේම වන ජීවී නිළධාරිණියකට තම රාජකාරී කටයුතු කිරීමට බාධා කරමින් ප්‍රදේශයේ දේශපාලනඥයකු මෙන්ම ඔහුගේ ආධාර කරුවන් කටයුතු කිරීමත් එකම අරමුණකට අදාල සිදුවීම් දෙකක් බවට පරිසරවේදීන් චෝදනා කරති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?