දේශීය

එජාප නායකත්වයට මමත් එනවා – රුවන්

එක්සත් ජාතික පක්ෂයට ජවසම්පන්න නායකත්වක් මෙන්ම තරුණ නායකත්වයක් අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා පවසන ලදි. ඩී එස් සේනානායක පරම්පරාවෙන් මැණිකක් පක්ෂයට ලැබී ඇති බවත් ඒ රුවන් විජේවර්ධන මහතා බවත්, රුවන් විජේවර්ධන මහතා පක්ෂ නායකත්වට ඉදිරිපත් විය යූතු බවත් ආශූ මාරසිංහ මහතා වැඩිදුරටත් පවසන ලදි.

අනතුරුව අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා පැවසූවේ, සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වූවා නම් තමන් ද මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවත්, පක්ෂය අතහැර ගොස් තනතුරු ලබා ගැනීම තම ප්‍රතිපත්තිය නොවන බවත්, පරාජයකට වඩා එම පරාජය අවස්ථාවක් ලෙස තමන් බාරගන්නා බවත්, වැරදි හදාගෙන ඉදිරියට ගමන් කළ යුතු බවත්, පාර්ලිමේන්තුවට යන්න නොහැකි වීම පිළිබදව තමන් කිසිසේත්ම කණගාටු නොවන බවත් අනිවාර්යයෙන්ම තමන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඉදිරිපත් වන බවත්ය.

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර ආසන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඔවුන් මෙම අදහස් ඵල කරන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?