කල්පිටියෙන් හමු වූ කහ
නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට කහ රැගෙන ඒමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් හය දෙනෙකු කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ බවට සැක කෙරෙන කහ කිලෝග්‍රෑම් 1400ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ඇති බව සොයාගෙන ඇත.
අද (30) වන දින අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉඳිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
