දේශීය

බස්නාහිර පළාතෙන් සැකකරුවන් 334ක් අත්අඩංගුවට

සැකකරුවන් 334 දෙනෙකු බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන්නේ ඊයේ (29) වන දින උදෑසන 06.00 සිට අද (30) අලුයම 05.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ මෙම වැටලීම් සිදුකළ ඇති බවයි.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර ගංජා සන්තකව සිටි සැකකරුවන් 87 දෙනෙකු, නීති විරෝධී මත්පැන් සන්තකව සිටි සැකකරුවන් 81 දෙනෙකු, හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 142 දෙදෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 09 දෙනෙකු හඳුනාලෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *