විදේශීය

හිටපු ඉන්දීය ජනපති අභාවප්‍රාප්ත වේ

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී මහතා අභාවප්‍රාප්ත වේ. දැඩි රෝගාතුර තත්ත්වයේ පසුවූ මුකර්ජි මහතා අගෝස්තු 31 දින මියයන ලදි.

පසුගිය 10වනදා සිදුකර ඇති මොළයේ සැත්කම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසු වූ ඔහුට Covid 19 ආසාදනය වී තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

1935 දෙසැම්බර් මස 11 වන උපත ලැබූ මුකර්ජි මහතා 2012 – 2017 කාලය තුළ ඉන්දියාවේ ජනාධිපති ධූරය හොබවන ලදි. ඉන්දියාවේ 13වන ජනාධිපති ලෙස කටයුතු කළ මුකර්ජි මහතා මියයන විට 84 වියේ පසුවිය.

ප්‍රනාම් මුකර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් ඉන්දියානු රජය විසින් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ශෝක කාලය තුළ දී සියලු විනෝදාශ්වාද ක්‍රියාකරකම් තාවකාලික අත්හිටුවා ප්‍රාන්ත ධජ අඩකුඹු කර තබන ලෙස එරට රජය විසින් සියළු ප්‍රාන්තවලට දැනුම් දී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?