දේශීය

විපක්ෂයේ සිට වැඩකරන හැටි පෙන්වන්නම් – මරික්කාර්

‍තම රජය විසින් කොලොන්නාවට මහල් නිවාස 5000ක ව්‍යාපෘතියක් සැලසුම් කර තිබුනු බවත් තමන් දිවා රෑ ‍නොබලා වැඩ කරන්න දැඩි උවමනාවෙන් කටයුතු කළ බවත් නමුත් වත්මන් ආන්ඩුව බොරුවෙන් ජනතාව මුලා කළ බවත් දැන් ජනතාවට පොරොන්දු වූ දේවල් කළ නොහැකිව ආන්ඩුව නැවතත් ජනතාව මුලා කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කළේ කොලොන්නාවේ (30) ජන හමුවක් අමතමිනි.

තමන් කුඩු විකුණා නැති බවත්, වංචා දූෂණ කර නැති බවත්, ඉඩම් ගොඩකර නැති බවත්, හරි දේ හරියට කර ඇති බවත් ඒ නිසා වත්මන් රජය විවේචනය කරන්න තමන්ට ශක්තිය ඇති බවත් මරික්කාර් මහතා පැවසීය.

විපක්ෂයේ සිට වැඩකරන්නේ කොහොමද කියලා සමහරු අසන බවත් විපක්ෂයේ සිට වැඩකර පෙන්වන්න තමන් සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?