දේශීය

2021 අවසන් වන්න කලින් අළුත් ව්‍යවස්ථාවක් ගේනවා – මහින්ද අමරවීර

අවුරුදු 72ක් පුරා මේ රට හදන්න බැරි වූ නිසා සියලු ආන්ඩු අසමත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් ඵල කළේ හම්බන්තොට ජනහමුව් (31) අමතමිනි. කෝටි ගණන් මුදල් මත්කුඩු නිසා විනාශ වන බවත් රටේ තරුණ ජීවිත හෙරෝයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය නිසා වැනසී යන බවත් අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

‍ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබා දුන් බවත් ජනාධිපති වී කොරෝනා වසංගතයෙන් රට මුදවා ගත් බවත් අනතුරුව පාතාලය සහ මත්ද්‍රව්‍ය වලින් රට ගලවා ගැනීමට නායකත්වය ලබා දෙමින් සිටින බවත් පැවසූ අමරවීර මහතා අද වන විට හිරගෙදර කුලල්කා ගන්නා තත්ත්වයට පත්ව ඇතතේ මත්ද්‍රව්‍ය නැති නිසා බවද පැවසීය. වත්මන් ජනාධිපතිතුමන් කාමර වල සිට තීරණ ගන්නේ නැති බවත් බිමට බැහැලා වැඩකරන නායකයෙක් තමන්ට ලැබී ඇති බවත් පැවසූ ඒ මහතා මේ අවුරුදු 5 තුළ වැඩ කර ප්‍රතිඵල රටට අත්කර දීම තම අරමුණ බව පැවසීය.

රටට හිතකර නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බැවින් එම ව්‍යවස්ථාව 2021 අවසන් වන්නට පෙර ගෙන එන බව අමරවීර මහතා මෙම ජන හමුවේදී අවධාරණය කරන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?