මෙසී තීරණය වෙනස් කරයි
සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යෑමට ගත් තීරණය වෙනස් කළ බව පවසයි.
වසර 2000 සිට බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ මෙසී ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කල අතර ලොව වටිනා පාපන්දු ක්‍රීඩකයා ලෙස මෙසී හය වතාවක් කිරුළු පැළඳ තිබේ.
තමාට බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යෑමට අවසර ඉල්ලා පසුගිය සතියේ බාර්සිලෝනා සභාපතිවරයාට ලිපියක් යවා ඇති අතර වර්තමාන ගිවිසුම අනුව බාර්සිලෝනා කණ්ඩායමෙන් මෙසීට ඉවත් වීමට හැකි වන්නේ 2021දීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
