Latestක්‍රීඩාදේශීය

සුරංග ලක්මාල් ක්‍රිකට් පිටියට සමුදෙයි

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සුරංග ලක්මාල් එලඹෙන ඉන්දියානු සංචාරයෙන් පසු සියලුම ජාත්‍යන්තර තරග වලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ තීරණය පිලිබද දැනුම් දෙමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ  සුරංග ලක්මාල් ශ්‍රි ලංකා කන්ඩායම වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කල ක්‍රීඩකයකු බවයි

දෙබරවැව ජාතික පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ලක්මාල් ටෙස්ට්, එක්දින තරග සහ 20යි 20 ජාත්‍යන්තර තරග වලදී පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ අතර චමින්ද වාස්ට පසුව ටෙස්ට් තරග වලදී වඩාත්ම සාර්ථක වූ ශ්‍රි ලාංකීක වේග පන්දුයවන්නා වශයෙන්ද සලකනු ලබනවා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *