ඉන්දීය ධීවරයින් නිසා උතුරේ ජන ජීවිතයට තර්ජන
මෙරටට අයත් උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින් නිසා උතුරු ප්‍රදේශයේ වෙසෙන ධීවර ජනතාවගේ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතයට බරපතල ගැටලු ඇතිවී ඇති බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරිය වන හානා සිංගර් මහත්මියට දන්වා තිබෙනවා.
දෙදින නිල සංචාරයක් සදහා යාපනයට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය හමු වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුලු පිරිසක් ඊයේ (01) මේ බව දන්වා තිබෙනවා.
ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදට පැමිණ මසුන් මැරීම නිසා පසුගිය කාලය පුරාම උතුරේ ධීවරයින් විවිධ ගැටළු වලට මුහුණ දෙමින් සිටින අතර මෙම ගැටලුව විසදීම සදහා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක අවශ්‍යතාවය දිගින් දිගටම උතුරේ ජනතාව ඉල්ලා සිටියා.
නමුත් මේ වන තෙක් එම ගැටලුවට නිසි පිළිතුරක් ලැබී නොමැති බැවින් දෛනික සුළුපන්න ධීවරයින් ඇතුළු සියලු ධීවර ජනතාවගේ පීඩනය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

