LPL සඳහා විදෙස් ක්‍රීඩකයන් 350ක් එකඟ වෙයි
නොවැම්බර් මස 14වන දින ආරම්භ කිරීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 20යි 20 තරගාවලියට සහභාගිවීම සඳහා විදේශීය ක්‍රීඩකයන් 350දෙනෙකු පමණ සිය එකඟතාවය පළකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම තරගාවලිය සඳහා සහභාගිවිය හැක්කේ එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයන් 6දෙනෙකු බැගින් කණ්ඩායම් 5ට විදේශීය ක්‍රීඩකයන් 30දෙනෙකුට පමණි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා එකඟතාවය පළ කල විදේශීය ක්‍රීඩකයන් 350දෙනා අතර ක්‍රිස් ගේල්, දිනේෂ් රම්ඩීන්, ලූක් රයිට්, ෂොයිබ් මලික් සහ ෂහිඩ් අෆ්රිඩි වැනි ප්‍රසිද්ධ ක්‍රීඩකයන් ද වේ.
දෙසැම්බර් 06 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය තරගවට 23කින් සමන්විත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
