දේශීය

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට

මිනීමැරුම් චෝදනාවක් මත මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාවක් සලසා දෙන ලෙස අද (07) අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

2015 දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර හට රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබුවත් මෙම දඬුවමට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කර ඇති බැවින් ඔහු සාමාන්‍ය රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයකු බවට පත් වන බව පෙත්සම්කරු පවසයි.

මෙම හේතුව නිසා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් මහතා සහ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ දී මෙම පෙත්සම විභාග කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?