ක්‍රීඩා

බංග්ලාදේශ තරගාවලියට ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ඔක්තොම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතයක් නම්කර ඇත.

මෙම සංචිතයට දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ක්‍රීඩකයින් 23දෙනෙක් ඇතුළත් වේ.

එම ක්‍රීඩකයින් 23දෙනා අතර අන්තර් සමාජ තුන්දින ක‍්‍රිකට් තරගාවලියේ ලකුණු දහසේ සීමාව පසුකළ ළහිරු උදාර, දග පන්දු යවන ක‍්‍රීඩක දුවිදු තිලකරත්න සහ සන්තුශ් ගුණතිලක යන යොවුන් ක්‍රීඩකයන් ද වේ.

ටෙස්ට් තරග 03කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම මෙම මස අවසානයේ  දිවයිනට පැමිණීමට නියමිත අතර මෙම තරගය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත නිරෝධායන නීතීරීතිවලට අනුගතව පැවැත්වීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?