විදේශීය

ලෝක Covid 19 තත්වය

Covid 19 වසංගත තත්වය හේතුවෙන් මේ වන විට ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙන සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව ‌දෙකෝටි පන් ලක්ෂයට ආසන්න වී තිබේ.

ඒ ගත වූ පැය 24 තුළ ලෝකයේ රටවලින් Covid 19 ආසාදිතයින් 197,685දෙනෙකු වාර්තා වීමත් සමඟය.

එම Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව අතරින් 75,022ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 25,325දෙනෙකු ඇමරිකාවෙනුත් ආසාදිතයින් 10,188දෙනෙකු බ්‍රසීලයෙනුත් වාර්තා වී ඇත.

දෛණිකව වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන ඉන්දියාව මේ වන විට ලෝකයේ වැඩිම Covid 19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවුණු රටවල් අතරින් දෙවෙනි තැන හිමිකරගෙන තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?