දේශීය

ශ්‍රී ලාංකිකයන්ට සෞදි රජයෙන් සහනයක්

Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව වීසා බලපත්වල කල් ඉකුත් වූ සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීම සඳහා සෞදි අරාබි රජය අවසර ලබා දී තිබේ.

ඒ අනුව වලංගු හෝ කල්ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක්, නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති සෑම ශ්‍රී ලාංකික පුද්ගලයෙකුටම කිසිඳු දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිට වීමට අවසර ලබාදෙන බව එරට රජය නිවේදනය කර ඇත.

ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් සෞදි අරාබි රජය ගෙන ඇති මෙම තීරණය විදේශ සබදතා අමාත්‍යාංශය ද ඇගයීමට ලක්කර තිබෙන අතර දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්වීපාර්ශවික සබදතාවන්හි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබි රජය මෙම සහනය ලබා දී තිබෙන බව වාර්තා වේ.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?