දේශීය

සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භය අදයි

Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ප්‍රාථමික ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු අද (08) සිට සාමාන්‍ය පරිදි ආරම්භ විය.

ඒ අනුව මීට පෙර අදියර කිහිපයක් යටතේ ආරම්භ කෙරුණු පාසල්වල අධ්‍යයන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව අද සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් පාසල් වෙත යොමු නොකරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන අතර පාසල් පරිශ‍්‍ර තුළ නිරන්තරයෙන් පරීක්ෂාවන් සිදුකරන බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *