31කට දිවි අහිමි කළ ඇමරිකාවේ ලැව් ගිනි

ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔරිගන්, කැලිෆෝනියා සහ වොෂින්ටන් යන ප්‍රාන්ත වල මෙම මරණ සිදුවී තිබේ. එම ප්‍රදේශවලින් පුද්ගලයින් 40,000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යවා ඇති අතර තවත් ලක්ෂ 05කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් ඉවත් කර ගැනීමට සිදුව ඇති බව එරට බලධාරීන් පවසයි.

එරට පවතින වියළි කාළගුණය සහ අධික සුළං තත්වය හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමට ගිනි නිවීමේ භටයන්ට අසීරු වී ඇති අතර බටහිර ඇමරිකාවේ මේ වන විට ගිනි ගැනීම් 103ක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *