දේශීය

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භය

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද (18) දිනයේ සිට 27 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වේ.

ඒ අනුව පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද පෙරවරු 08.30ට පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික උරුම, ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා සහභාගී වේ.

මෙම පොත් ප්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශයන්ට අනුව පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?