දේශීය

මහනුවර නගරයේ අවදානම් හා නීති විරෝධී ඉදිකිරීම් හඳුනාගනී

බූවැලිකඩ ප්‍රදේශයේ සිදු වූ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති විශේෂඥ කමිටුව විසින් මහනුවර නගරයේ ඇති අවදානම් හා නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධව සිදු කරනු ලැබූ අධ්‍යනයේ වාර්තාව ද මේ වන විටත් ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂණයක් සිදුකර ඒවායේ අවදානම ඉවත් කිරීමට පියවර ගැනීමට නියමිතය.

එහි පළමු පියවර ලෙස අදාළ ඉදිකිරීම් හිමියන්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ ලබා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසයි.

බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවසන් වාර්තාව එළඹෙන සඳුදා දිනයේ දී ලබා දීමට නියමිතව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?