ක්‍රීඩා

ක්‍රිකට් තරගාවලි කිහිපයක් කල් දැමීමට ඕස්ට්‍රේලියාව තීරණය කරයි

පවතින Covid 19 තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලි කිහිපයක් කල් දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

කල් දැමීමට තීරණය කළ තරගාවලි එළඹෙන 2021 සහ 2022 කාලසීමාවේ දී පවත්වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පවසයි.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3කට සහභාගීවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?