20ට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට තිබූ කාලය අවසන්

පසුගිය 22 වනදා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙට (29) දිනෙන් අවසන් වේ.

මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර මෙසේ පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ දින 07ක කාලය හෙටින් අවසන් වීමට නියමිතය.

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් සලකා බලා අදාළ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින 21ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අතර එම කාල සීමාව තුළ සංශෝධනය සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *