ජාත්‍යන්තර අමද්‍යප දිනය

ජාත්‍යන්තර අමද්‍යප දිනය අද (03) දිනට යෙදී තිබේ.

අද දිනට සමගාමීව නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවිසැල් සොයා විශේෂ වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන සුරා අපරාධයක් සම්බන්ධයෙන් 1913 අංකයට හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත තොරතුරු ලබා දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *