මරණ ලක්ෂය ඉක්මවූ ඉන්දියාවේ කොවිඩ් තත්වය

Covid මරණ ලක්ෂය ඉක්මවූ ලොව තෙවන රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් සමස්ථ Covid ආසාදිතයින් 6,473,544 දෙනෙකු සමඟ වාර්තා වී ඇති සමස්ථ Covid මරණ සංඛ්‍යාව 100,875 කි.

Covid මරණ ලක්ෂය ඉක්මවූ සෙසු රටවල් දෙක නම් ඇමරිකාව සහ බ්‍රසීලයයි.

ඇමරිකාවෙන් සමස්ථ ආසාදිතයින් 7,549,323 දෙනෙක් වාර්තාවෙන අතර එරට සිදු වී ඇති මරණ සංඛ්‍යාව 213,524කි.

Covid මරණ සංඛ්‍යාවෙන් දෙවන ස්ථානයට පත්ව ඇති බ්‍රසීලයේ සමස්ථ ආසාදිතයින් 4,882,231 දෙනෙක් වන අතර මරණ 145,431ක් සිදු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *