දේශීය

පාලන මිලට පොල් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම්

පොල් ගෙඩියේ වටප්‍රමාණය අනුව පොල් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීමට රජය විසින් පියවර ගත් අතර එම පාලන මිලට පොල් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා මේ වන විට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඒ අනුව පොල් තොග සඟවන වෙළෙඳුන් හා පාලන මිලට පොල් අලෙවි නොකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

පොල් සඳහා පාලන මිල ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වෙළඳපොළේ පොල් හිඟයක් පවතින බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *