දේශීය

රත්මලානේ රොහාගේ සමීපතයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූ “රත්මලානේ රොහා” ගේ සමීපතයින් සිව්දෙනෙකු පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

පොලිස් විශේෂ බලකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (03) දිනයේ දී සිදුකළ වැටලීමක දී එම සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ වළදමා තිබූ වෙඩි උණ්ඩ තොගයක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

ටී 56 වර්ගයේ උණ්ඩ 255ක්, මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 4, මිලිමීටර 8 වර්ගයේ උණ්ඩ 3ක් එම වෙඩි උණ්ඩ තොගයේ තිබී සොයාගෙන ඇත.

එම සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *