දේශීය

කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 73 දක්වා ඉහළට

දිවුලපිටිය Covid 19 ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කම්හලේ සේවිකාවන් 73 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

ඒ අනුව අද (05) පෙරවරුවේ ඇඟලුම් කම්හලේ 69 දෙනෙකු Covid ආසාදිතයින් ලෙස PCR පරීක්ෂණ මඟින් හඳුනාගත් අතර තවත් ආසාදිතයින් සිව්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත.

එම ආසාදිතයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකු කුරුණෑගල මහ රෝහලේ සිට කොළඹ IDH රෝහල වෙත මාරුකර ඇති බව වාර්තා වේ.

එසේම තවත් ආසාදිතයෙකු මොණරාගලින් වාර්තා වූ අතර අනෙක් ආසාදිතයා යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයෙකි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාවත් මේ වන විට කොළඹ IDH රෝහල වෙත මාරුකර ඇති බව මෙරට සෞඛ්‍ය අංශ පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?