කොවිඩ් 19 තත්වය පාලනය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 79 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතු යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් ද පොලීසිය භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.